Wednesday, May 21, 2025

General line - 0115112241

ත්‍රිකුණාමලයට මහ වැස්සක්



ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගත වූ පැය 11 ක පමණ කාලය තුළ මිලි මීටර් 135 යි දශම 8 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

අද දිනයේ ද උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. 

නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. 

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.