Wednesday, May 21, 2025

General line - 0115112241

පොලොන්නරුවේ පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට



පසුගිය 05 වනදා පොලොන්නරුව, හිජ්රා මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකල පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි. 

අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි කඳුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව එම අපරාධය සඳහා යොදාගත් බවට සැක කෙරෙන මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව පතොරම් 07 ක් සොයාගෙන ඇති බව පොලිසිය පැවසුවා.