Tuesday, May 20, 2025

General line - 0115112241

ජලාශ භාර ඉංජිනේරුවරුන්ට සහ තාක්ෂණික නිලධාරීන්ට දැනුවත් කිරීමක්



පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දන්වමින් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාර්මාර්ග අමාත්‍යංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් ඔවුන්ගේ සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. 

නිවාඩු ලබා සිටින එවැනි නිලධාරීන්ගේ නිවාඩුද අවලංගු කෙරෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.