Tuesday, May 20, 2025

General line - 0115112241

වැසි තත්ත්වයේ අඩුවීමක් - ධීවරයන්ගේ අවධානම තවදුරටත්



පවතින වැසි තත්ත්වයෙහි අඩුවීමක් අද දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ ෆෙන්ගල් සුළි කුණාටුව ඉන්දියාවට ඇතුල් වීමත් සමඟ ශ්‍රී ලංකාවට තිබූ බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි. 


කෙසේවෙතත් ධීවර කටයුතුවල යෙදී සිටින ජනතාව තවදුරටත් එම කටයුතුවලින් වැළකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.