Friday, March 14, 2025

General line - 0115112241

දුම්මලසූරිය සහ වරකාපොළ මනුෂ්‍ය ඝාතන 02ක්



දුම්මලසූරිය, සියඹලගස්රුප්ප ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. 

තියුණු ආයුධයකින් පහර දී එලෙස ඝාතනය කර ඇත්තේ බටහිර සියඹලගස්රුප්ප ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ. 

ඝාතනයට හේතුව සහ සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර, වරකාපොළ, මායින්නොළුව ප්‍රදේශයේදීද පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. 

එලෙස ඝාතනය කර ඇත්තේ දොරවක ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක්. 

ඝාතනය සිදු කළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.