Thursday, March 13, 2025

General line - 0115112241

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි - ශ්‍රී පාද වන්දනා වාරයත් අදින් ඇරඹෙයි



උදුවප් පුරපසළොස්වක පොහොය අදයි. වසරේ අවසාන පුරපසළොස්වක පොහොය වන උදුවප් පුරපසළොස්වක පොහොය දිනයේද ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුව ඇති බවයි කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමියන් පැවසුවේ.


වැරදි සහ අඩුපාඩු මගහරවා ගෙන උදාවන නව වසරට එළඹීමට සියලු දෙනා අද දිනයේ අධිෂ්ඨාන කර ගතයුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියාසිටියේ.


මේ අතර උඳුවප් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කෙරෙන නෙත් ශ්වේත පූජා වැඩසටහන නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ අද දවස පුරා ප්‍රචාරය කෙරෙනවා.