Sunday, April 27, 2025

General line - 0115112241

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී



පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ 35 හැවිරිදි ඉමාඩ් වසීම් 

ඉමාඩ් මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී 

ඒ ඔහු ශාරීරික යෝග්‍යතා ගැටළු හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉමාඩ් වසීම් එක්දින තරග 55ක් සහ විස්සයි විස්ස තරග 75ක් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙන අතර ඔහු පාකිස්තාන වෙනුවෙන් දවාගනෙ ඇති මුළු කඩුලු සංඛ්‍යාව 117ක්.

නමුත් පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් අවස්ථා තුනකදී තරගයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වීමත් සමඟ ඔහු නැවතත් විස්සයි විස්ස තරග බිමිට පිවිසුනා.