Tuesday, May 20, 2025

General line - 0115112241

කථානායකගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියි



කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබෙනවා.

මේ බව ලිඛිතව  ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරියට දන්වා ඇති බවයි වාර්තා වුනේ.

තමාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව සමාජව තුළ මතු කරනු ලැබූ ගැටළුවක් හේතුවෙන් කථානායක අශෝක රංවල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුනා.

මෙම ගැටළුව හේතුවෙන් තමාට මේ මොහොතේ එම සුදුසුකම් සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් බව  ඔහු සිය ලිපිය මගින් දන්වා තිබුනේ.

තවද තමන් තමාගේ සුදුසුකම් සම්බන්ධව සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් එම ලිපිය මගින් දන්වා තිබෙනවා