Thursday, March 13, 2025

General line - 0115112241

හිස් වූ කථානායක ධූරයට නමක් යෝජනා කිරීමට ආණ්ඩු පක්ෂ සහ විපක්ෂය වෙන වෙනම සාකච්ඡාවල



ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පස්වරු 07.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී හෙට දිනයේ පාර්ලිමේන්තුව ආරම්භ කිරීම සම්බන්ධයෙන් කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කථානායක ධූරයෙන් ඉල්ලා අස් වූ අශෝක රන්වල මහතා වෙනුවට ඉදිරිපත් වී තිබෙන නම් කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බවයි ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම ද අද පස්වරු 04.00 ට විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සහ හිස් වූ කථානායක ධූරය වෙනුවට විපක්ෂයේ නමක් ද යෝජනා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයෙකු පැවසුවේ.

මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා.