Wednesday, March 12, 2025

General line - 0115112241

ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 05වන ස්ථානය ශ්‍රී ලංකාවට



ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 05වන ස්ථානය දක්වා පසුබැසීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා. 

ඒ, එංගලන්තය පරාජය කරමින් නවසීලන්තය ඊයේ ලැබූ ටෙස්ට් ජයග්‍රහණයත් සමගයි. ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දකුණු අප්‍රිකාව පළමු ස්ථානයේත්, ඕස්ටේ්‍රලියාව දෙවන ස්ථානයේත් පසුවනවා.

 ඉන්දියාව තුන් වන ස්ථානයේ පසුවන අතර නවසීලන්තය පසුවන්නේ සිව්වන ස්ථානයේයි.

මේ අතර නවසීලන්ත පන්දුවාර 20 සහ එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස මිචෙල් සැන්ට්නර්ගේ නම ස්ථිර වී තිබෙනවා. 

ඒ අනුව ඔහුගේ නායකත්වය යටතේ නවසීලන්ත කණ්ඩායම තරඟවදින පළමු තරඟාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.