Tuesday, March 11, 2025

General line - 0115112241

විදුලිසැර වැදීමෙන් දැරියක් ජීවිතක්‍ෂයට

ජූඩ් සමන්ත



නවගත්තේගම පොලිස් වසමේ තරණගහවැව ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් ගැහැණු දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

අනාරක්ෂිත විදුලි රැහැනක් මගින් බ්ලෙන්ඩරයකට විදුලිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට යෑමේ දී දැරියට විදුලි සැර වැදී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. 

විදුලි සැර වැදුණු දැරිය පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. 

ඉහළ කුරුකැටියාව, නවගත්තේගම ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියක් එලෙස මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.