Tuesday, March 11, 2025

General line - 0115112241

ඥානසාර හිමියන්ට වරෙන්තු



බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ හේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කලා. 

ඒ, ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් එම නඩුව කැඳවූ අවස්ථාවේ අද අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්. 

මෙම නඩුවේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් නඩුව කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නෑ.

ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය කරුණු දක්වමින් තමා සේවාදායක හිමියන් අසනීප තත්වයෙන් පසුවන බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව සඳහන් කළා. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නඩු තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි මස 09 වනදා තෙක් කල් තැබුවා. 

ඒ අනුව ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.