Tuesday, March 11, 2025

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිටවීම පිළිබඳව සිදුකළ පරීක්ෂණ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට

උදය කුමාර



ඉකුත්දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල සවිස්තර රහසිගත වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදී තිබෙනවා. 

අදාළ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය විසින් අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ. 

එම සිද්ධිය පිළිබඳ සිදුකළ පරීක්ෂණවල සවිස්තර රහසිගත වාර්තාවක් අද පෙරවරු 09ට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වෙත නියෝග කර තිබුණා. 

ඒ අනුවයි මෙම වාර්තාව අද ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදී ඇත්තේ. 

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම තුළින් තමන්ට අසාධාරණයක් සිදුවූ බව සඳහන් කරමින් එම විභාගයට සහභාගි වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පිළිබඳ විභාගය ඊයේ දින අවසන් කෙරුණා. 

එහි තීන්දුව මේ මස 31 වනදා ප්‍රකාශ කිරීමට නියමිතයි.