Tuesday, March 11, 2025

General line - 0115112241

එට්කා ගැන ආණ්ඩුවේ ස්ථාවරය හෙට

නිරෝෂන් කොළඹ 



එට්කා ගිවිසුම සම්බන්ධයෙන් පෙර දැරූ මතය අද වන විට වෙනස් වී ඇත්නම් ජනාධිපතිවරයා එය ජාතියට පැහැදිලි කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. 

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.


මේ අතර ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡාවට ලක්වූ කරුණු සම්බන්ධයෙන් විදේශ කටුයුතු අමාත්‍යවරයා හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. 

ඒ, කාබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.