Friday, April 11, 2025

General line - 0115112241

හැටන් තේ වත්තකට බස් රථයක් පෙරළෙයි - තිදෙනෙක් මරුට



හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී  මහනුවර බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අනතුරකට ලක්වී තිදෙනෙක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද පෙරවරුවේ පෞද්ගලික බස් රථය තේ වත්තට පෙරළී ඇති අතර  අනතුර සිදුවන අවස්ථාවේ අදාළ බස් රථය තුළ ගමන්ගත් සියලු දෙනා තුවාල ලබා දික්ඔය සහ වටවල රෝහල්වලට ඇතුළත් කල  බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ