Saturday, April 12, 2025

General line - 0115112241

තලෙයිබාන් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් පකිස්තාන හමුදා සාමාජිකයින් 16 ක් මරුට



තලේබාන් සංවිධානය විසින් පාකිස්තාන හමුදා සාමාජිකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. 

ඉස්ලාමාබාද් - ඇෆ්ගනිස්තාන දේශසීමාව අසල හමුදා මුරපොළකට තලේබාන් සංවිධානය විසින් එම ප්‍රහාරය එල්ලකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එම ප්‍රහාරයෙන් පකිස්තානු හමුදා සාමාජිකයින් 16 දෙනෙකු මියගොස් තිබෙනවා. 

තවත් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.