Monday, March 10, 2025

General line - 0115112241

ඉල්ලුම වැඩි වීමෙන් මාළු මිල ඉහළට



ඉදිරි දිනවලදී මාළු මිල ගණන් ඉහළ යනු ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණ ව්‍යාපාරික සංගමය පවසනවා. 

එහි සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා පැවසුවේ උත්සව සමයේ මාළු ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මිල ගණන් ද එලෙස ඉහළ යන බවයි.


උත්සව සමයේ ධීවරයින් සිය රැකියාවේ නිරත නොවීම ද මාළු මිල ගණන් ඉහළ යාමට බලපාන බව ද පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවා.