Monday, March 10, 2025

General line - 0115112241

දුෂණ චෝදනා වලට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවට රජයෙන් ප්‍රකාශයක්



පසුගිය රජයේ වැඩපිළිවෙලම වර්තමාන රජයත් ක්‍රියාත්මක කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. 

ඔහු පැවසුවේ පසුගිය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුද සමඟ එකඟ වූ කිසිදු කොන්දේසියක් වෙනස් කර නොමැති බවයි.

පසුගිය රජයන් සමයෙහි සිදුකල අක්‍රමිකතා තවදුරටත් සොයා බලමින් තරාතිරම් නොබලා ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවා.

මැතිවරණ සමයේදී වර්තමාන රජය ජනතාවට ලබාදුන් පොරොන්දු මේ වන විටත් ඉටුකර නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.