Monday, March 10, 2025

General line - 0115112241

රිලා උවදුරට විසදුම් ඉල්ලා උඩුදුම්බර ගොවින් උද්ඝෝණයක

ජේ ඒ එල් ජයසිංහ



සිය වගාවන්ට රිලවුන්ගෙන් වන හානියට ස්ථිර විසදුමක් ලබාදෙන ලෙස බලකරමින් උඩදුම්බර ගොවි සංවිධාන නියෝජිතයන් රැසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. 

ඒ, මහනුවර - මහියංගන මාර්ගයේ 35 වන සැතපුම් කණුව අසලදීයි. 

විරෝධතා පුවරුද රැගෙන ඔවුන් පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

පරිසරවේදීන්ගේ බලපෑමට යට නොවී රිලවුන් මර්දනය කිරීම සදහා ස්ථීර විසඳුමක් ලබාදීමට රජය පියවර ගත යුතු බවයි එම ගොවි නියෝජිතයින් එහිදී වැඩිදුරටත් කියාසිටියේ.