Wednesday, April 30, 2025

General line - 0115112241

කුඹුරක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට



ගල්කිරියාගම, පැල්බැඳියාව ප්‍රදේශයේදී විදුලි සැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. 

කුඹුරු යායක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී එම පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. 

එලෙස මියගොස් ඇත්තේ දේවහූව, ගල්පාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

අනවසර විදුලි රැහැන ඇද තිබූ අදාල කුඹුරේ හිමිකරු ගල්කිරියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.