Monday, March 10, 2025

General line - 0115112241

වගවත්ත ග්‍රිඩ් උපපොළ ජාතික විදුලිබල පද්ධතියට



අභිනවයෙන් ඉදිකරන ලද වගවත්ත ග්‍රිඩ් උපපොළ, ජාතික විදුලිබල පද්ධතියට එක්කර තිබෙනවා. 

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වගවත්ත සහ මිල්ලනිය කර්මාන්ත කලාපවලට විදුලිය සැපයීම සඳහා මෙම ග්‍රිඩ් උපපොළ ඉදිකල බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ. 

ඒ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල විසින් රුපියල් මිලියන 2,300 ක මුදලක් ආයෝජනය කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩල කාර්ය මණ්ඩලයේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද පළමු ග්‍රිඩ් උපපොළ මෙය වනවා.