Monday, March 10, 2025

General line - 0115112241

ත්‍රිවිධ හමුදාව වෙනුවට පොලිස් නිලධාරින් හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

එන් ඒ ඩබ් නිරෝෂන්



හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින පිරිසෙන් ඉවත් කළ යුත්තේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් නොව පොලිස් නිලධාරින් බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 

එසේ ඉවත් කරන පොලිස් නිලධාරින් ඔවුන්ට පැවරී ඇති වෙනත් රාජකාරි සඳහා යෙදවිය හැකි බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද පස්වරු 06.00 වන විට ඉවත් කරන ලෙස ආරක්ෂක අමාත්‍යංශය දැනුම්දී තිබුනා.

කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉවත් නොකරන ලෙසයි.