Sunday, March 9, 2025

General line - 0115112241

නත්තලට බන්ධනාගාරවලත් විශේෂ වැඩසටහන්



නත්තල වෙනුවෙන් සෑම බන්ධනාගාරයකම හෙට දිනයේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ අතර නත්තල්  දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට හෙට දිනයේ අමුත්තන් බැලීම සඳහා විශේෂ අවසරයක් ලබාදෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඒ අනුව රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන  පරිදි  ලබා දීමට අවස්ථාව ලබා දී තිබෙනවා.