අසිරිමත් නත්තල උදාවීමට ඇත්තේ තවත් පැය 12 ක පමණ කාලයක් පමණයි. මේ වන විටද කතෝලික ජනතාව නත්තලට සූදානම් වන අයුරු දැකගත හැකි වුණා.
ඔවුන් සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට අද පෙරවරුවේ ද නගර කරා පැමිණෙන අයුරු ද දැකගත හැකි වුණා.
මොරටුව ඇතුළු අවට ප්‍රදේශවල කතෝලික ජනතාව ද නත්තල සැමරීමට සූදානම් වන ආකාරයක් දක්නට ලැබුණු බවයි එම ප්‍රදේශවල සංචාරය කළ නෙත් නිවුස් වාර්තාකරු දර්ශාන් කානිල් පැවසුවේ.
මේ, පුත්තලම දිස්ත්‍රික්කයේ කතෝලික ජනතාව නත්තලට ඇති සූදානම පිළිබඳව වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්ත.
අසිරිමත් නත්තල වෙනුවෙන් උතුරු පළාතේ කතෝලික ජනතාව මහත් ඕනෑකමින් සූදානම් වන බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.