Friday, March 7, 2025

General line - 0115112241

ශ්‍රී ලාංකිකයින් 79 දෙනෙකුට දෙවන වරටත් ඊශ්‍රායලයේ රැකියා වරම් උදා වෙයි



නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණි පිරිසකට යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා. 

තරුණයින් 79 දෙනෙකු වෙත මෙම රැකියා අවස්ථා හිමිව ඇති අතර ඔවුන්ට ඊශ්‍රායලයේ වසර 05කුත් මාස 03ක සේවා කාලයක් හිමිව ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ. 

එම පිරිසට ගුවන් ටිකට්පත් පිරිනැමීම ද මේ වන විට සිදුකර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

මෙම පිරිස එළඹෙන 28 වනදා දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.