Thursday, March 6, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා නවසීලන්ත විස්සයි විස්ස ගැටුම අදින් ඇරඹේ



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද ආරම්භ වනවා. 

මෙරට වේලාවෙන් පෙරවරු 11යි 45ට මෙම තරඟය ආරම්භ වීමට නියමිතයි. 

මෙම තරඟයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම යහපත් මානසිකත්වයකින් සූදානම්ව සිටින බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් කණ්ඩායමේ නායක චරිත් අසලංක පැවසුවේ.