පසුගිය සමයේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට ලබාදී ඇත්තේ වාසය කිරීමට සුදුසු තත්ත්වයේ නිවාස නොවන බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.
නිවාස සංවර්ධන අධිකාරිය සහ නිවාස අමාත්‍යංශය යටතේ විවිධ ව්‍යාපෘති හරහා එම නිවාස ඉදිකර ඇති බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.
එලෙස ලබාදී ඇති නිවාසවල පවතින අඩුපාඩු සම්පූර්ණ කර ගැනීම සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමට ඉදිරියේදී වැඩපිළිවෙලක් සකස් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ.