Wednesday, May 21, 2025

General line - 0115112241

ගිනි අවියක් සමඟ සැකකරුවෙකු බේරුවලදී අත්අඩංගුවට



බේරුවල, වලතර ප්‍රදේශයේදී ගිනි අවියක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, බේරුවල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකල වැටලීමකදීයි. 

සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.