නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි ශල්‍යකරමවලට භාජන වූ රෝගීන් 17 දෙනෙකුට වන්දි ලබාදීම සඳහා ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.
ඊට අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින්. අදාල වන්දි මුදල් ලබාදෙන අකාරය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස කරුණු දැක්වුවා.