අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කර ඇති ප්‍රතිලාභීන් සඳහා ඔවුන්ගේ තොරතුරු ලබා ගැනීමේ සංගණන කටයුතු අද දින ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලයේ කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ සිය නිවසට පැමිණෙන සංගණන නිලධාරියාට නිවැරදි තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලුම්පත් ඉදිරිපත් කළ ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
නෙත් නිවුස් ඉදිරිපත් කළ තවත් ප්‍රශ්න කිහිපයකට ද සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා ප්‍රතිචාර දැක්වුවා.