Saturday, March 29, 2025

General line - 0115112241

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුරට නව පත් කිරීමක්



කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන ආචාර්ය ඊ.ආර්.එස්.පී. එදිරිමාන්න මහත්මිය පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ, එම ධූරයේ දැනට සේවය කරන කේ.එන්.එස්. රණතුංග මහත්මිය මෙම මස 21 වනදා සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාම හේතුවෙන් ඇතිවන පුරප්පාඩුව සඳහායි. 

ඊට අදාල යෝජනාව කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.