Thursday, February 27, 2025

General line - 0115112241

විදුලි බිල අඩු කළේ ආණ්ඩුවද? කොමිසමද?



රජය විසින් ක්‍රියාත්මක කරන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය දෙවන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

එම විවාදයේ පළමු දිනය වූ ඊයේ දිනයේදී උණුසුම් වාද විවාද කිහිපයක් ඇති වුණා. 

විදුලි ගාස්තු අඩු කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ද එහිදී විවිධ අදහස් පළ වුණා. මේ, එම විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට එක් වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙලෙසයි.

 

අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයේ දෙවන දිනයේ සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.