විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සන්තකයේ තිබී ඔඩිසි දුම්රිය සඳහා ඔන්ලයින් ක්‍රමයට ලබා ගන්නා ලද දුම්රිය ටිකට්පත් 21ක්, එම දුම්රිය ටිකට්පත් අලෙවි කිරීමේ ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරන රුපියල් එක් ලක්ෂ 30,670ක මුදලක්, මීට පෙර දුම්රිය ටිකට්පත් විකිණීමේ තොරතුරු සටහන් කර ගන්නා ලද සටහන් පත් 130ක් සහ ජංගම දුරකතනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ එක් සැකකරුවෙකු දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික නිලධාරියෙකු බවට හඳුනාගෙන ඇති බවයි.
විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනවා.