Tuesday, April 15, 2025

General line - 0115112241

කැනඩාවේ නිජ්ජාර් ඝාතනයට විදේශ රටක සම්බන්ධයක් නොමැති බවට අනාවරණයක්



අගමැති ජස්ටින් ටෘඩෝ ඉන්දියාවට ප්‍රසිද්ධියේ චෝදනා කළ ඛලිස්තාන් හිතවාදී ක්‍රියාකාරිකයෙකු වන හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයේ දී විදේශ රාජ්‍යයකට නිශ්චිත සම්බන්ධයක් නොමැති බව කැනඩාවේ විදේශ මැදිහත්වීම් පිළිබඳ මහජන පරීක්ෂණයකින් සොයාගෙන ඇත.

ටෘඩෝගේ 2018 ඉන්දීය සංචාරයෙන් පසු, කැනඩාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නරක අතට හැරුණි.

ඒ, නිජ්ජාර් ඝාතනයට ඉන්දියාවේ සැක කටයුතු සම්බන්ධය පිළිබඳ අගමැතිගේ නිවේදනයෙන් පසුවයි.

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පාලක පක්ෂයෙන් මෙන්ම රජය තුළ ද විරෝධතා සහ මතභේද උද්ගත වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස ජස්ටින් ටෘඩෝ ට අග්‍රාමාත්‍යධූරය අතහැරීමට සිදුවිය.

“රාජ්‍යයේ අවශ්‍යතාවලට පටහැනි තීරණවලට දඬුවම් කිරීම සඳහා පළිගැනීමේ උපක්‍රමයක් ලෙසද වැරදි තොරතුරු භාවිතා කරයි.''

එබැවින් හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දීය සම්බන්ධ බවට සැක කෙරෙන අගමැතිගේ නිවේදනයෙන් පසුව ඇති වූ සාවද්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් විය හැකියි'' යනුවෙන් අදාළ වාර්තාවෙන් පෙන්වා දී තිබේ. 

මේ අතර විදේශ මැදිහත්වීම් පිළිබඳ මහජන පරීක්ෂණයේ එම වාර්තාවේම රටේ ෆෙඩරල් මැතිවරණයට මැදිහත් වීම පිළිබඳ කැනඩාවේ චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කළේය.

අදාළ වාර්තාව කැනේඩියානු පාර්ලිමේන්තුවේ “ද්‍රෝහීන් පිළිබඳ කිසිදු සාක්ෂියක්” සොයා නොගත් අතර, එහි කොමසාරිස් මාරි-ජෝසි හොග් අනතුරු ඇඟවූයේ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති විශාලතම තර්ජනයක් වන්නේ විදේශීය මැදිහත්කරුවන් සාම්ප්‍රදායික මාධ්‍ය සහ සමාජ මාධ්‍ය යන දෙකෙහිම වැරදි තොරතුරු වැපිරීම බවයි.

නිජ්ජාර් ඝාතනය, පසුව බුද්ධි තොරතුරු රැස් කිරීම සහ චෝදනා මෙන්ම ඉන්දු-කැනේඩියානු සබඳතා කෙරෙහි එහි බලපෑම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද වාර්තාව මගින් ලබා දී ඇත.