Thursday, March 13, 2025

General line - 0115112241

ට්‍රම්ප් රටවල් තුනකට ආනයනික තීරු බදු පනවයි



අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් කැනඩාව, මෙක්සිකෝව සහ චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු පනවා තිබෙනවා. 

ඒ අනුව කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට විසි පහක තීරු බද්දක් අය කිරීමට නියමිතයි. 

එමෙන්ම චීනයෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා සියයට දහයක තීරු බද්දක් පනවා තිබෙනවා. 

කෙසේ වෙතත් අදාල රටවලින් ආයනයනය කරනු ලබන තෙල් සඳහා එම බද්ද අය කරන්නේද යන්න පිළිබඳ තීරණයක් ගන්නා බවයි අමෙරිකාවේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසන්නේ. 

මේ හේතුවෙන් සපත්තු, මෝටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක මිල ගණන් ඉහළ යාමේ අවදානමක් ඇති විය හැකි බවයි වාර්තා වන්නේ. 
 

ඩොනල් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද විධායක නියෝගවලට අනුව කැනඩාවෙන් සහ චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා එම තීරුබදු අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනවා. 

කෙසේ වෙතත් එම කාල සීමාව මෙක්සිකෝවට අදාලවේද යන්න තවමත් පවසා නැහැ. 

පසුගිය වසරේ අමෙරිකාවට ආනයනය කරන ලද භාණ්ඩවලින් සියයට හතලිහක් චීනය, කැනඩාව සහ මෙක්සිකෝවෙන් ආනයනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.