කැලණිය ප්‍රදේශයේ නිවසකට කඩා වැදී එහි නිදාසිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු වෙඩි තැබීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සැක කෙරෙන ප්‍රබල පාතාල කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නමැත්තා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි එම සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂක රැකවල් මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළ ඔහුගේ නීතිඥවරුන් තම සේවාදායකයා දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හෙයින් ඔහු ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදාහරින්නැයි ඉල්ලා සිටියා.
එහෙත් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය අදාළ සැකකරු ලබන 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.