Thursday, April 17, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනයේ වැඩි වාසිය ඕස්ටේ්‍රලියාවට



සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද ආරම්භ වූ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමා වන විට තරඟයේ වැඩි වාසි අත්කර ගැනීමට ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සමත් වුණා. 

තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 229ක්. 

නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස්කරගෙන සිටි අතර ලහිරු කුමාර ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටියා. 

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 74ක් රැස් කිරීමට සමත් වුණා.

සිය අවසන් හා සියවන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්නට පළමු ඉනිමේ ලබාගත හැකි වූයේ ලකුණු 36ක් පමණයි. 

මිචෙල් ස්ටක් ලකුණු 37කට කඩුලු 03ක් දවා ගත් අතර නේතන් ලියෝන් ලකුණු 78කට කඩුලු 03ක් දවා ගත්තා. 

තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.