විදුලි ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව ජල ගාස්තු අඩු කිරීමට අදාළ ගණනය කිරීම් අවසන් කර තිබෙනවා.
ඒ අනුව එම ගණනය කිරීම් ඇතුළත් වාර්තාව සිය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.
එම අධ්‍යක්ෂ මණ්ඩලය මෙම මාසය තුළ රැස්වීමට නියමිතව තිබෙනවා.
ජල ගාස්තු අඩු කිරීමට නම් අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබාදිය යුතු බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.
එම අනුමැතිය ලැබීමෙන් පසු අදාළ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව ජල ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කරනු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.