Monday, February 24, 2025

General line - 0115112241

විදුලි කප්පාදුව අදත් - විදුලිබල මණ්ඩලයෙන් ජනතාවට ඉල්ලීමක්



දිවයින පුරා විදුලි කප්පාදුව අද දිනයේ ද සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. 

ඒ අනුව පස්වරු 03.30ත් රාත්‍රී 09.30ත් අතර කාලය තුළ පැය එකහමාරක කාලයක්, කාණ්ඩ හතරක් යටතේ එලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ඊයේ දිනයේ ද විදුලි කප්පාදුව සිදු කෙරුණා. 

ඒ ඒ ප්‍රදේශවලට විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

එම කාල සටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ සහ නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.

මේ අතර නොරොච්චෝලේ තාප බලාගාරයේ ජනන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා තව දින තුනක පමණ කාලයක් ගතවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවා. 

එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ පවත්නා තත්ත්වය හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි.