සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසාත්මක වන ආකාරයේ තොරතුරු පළ කිරීම වළක්වාලමින් යූ ටියුබ් නාලිකාවකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොන්දේසි සහිත ආඥාවක් අද නිකුත් කළා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළේ සුජීව සේනසිංහ මහතා විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.
සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ස්විට්සර්ලන්තයේ, සූරිච් නුවර සිට පවත්වාගෙන යන යූටියුබ් නාලිකාවක් ඔස්සේ අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකර තිබෙන බව සඳහන් කළා.
ඒ තුළින් පැමිණිලිකරුගේ කීර්තියට හානියක් සිදුවී ඇති අතර ඔහුට මානසික හිරිහැරයක් මෙන්ම ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බවයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ.
ඒ අනුව අදාළ පනතේ 24 වන වගන්තිය යටතේ වග උත්තරකාර නාලිකාවට සහ එය පවත්වාගෙන යන ශ්‍රී ලාල් ප්‍රියන්ත නමැත්තාට එරෙහිව කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම කොන්දේසි සහිත ආඥාව නිකුත් කළ අතර මෙම නඩුව යළි ලබන 25 වනදා කැඳවීමට ද නියම කළා.