Monday, February 24, 2025

General line - 0115112241

උතුරු සහ නැගෙනහිර පළාත්වල මාර්ග කිලෝ මීටර් 2,000ක් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක්



උතුරු සහ නැගෙනහිර පළාත්වල යෝජිත ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

එම වැඩසටහන යටතේ උතුරු පළාතේ මාර්ග කිලෝ මීටර් 1,500ක් සහ නැගෙනහිර පළාතේ මාර්ග කිලෝ මීටර් 500ක් සංවර්ධනය කිරීමට නියමිතයි. 

එම පළාත් දෙකේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. 

අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින්.