Thursday, March 13, 2025

General line - 0115112241

ගාසා තීරය යළි යුද බියෙන් ඇළලෙයි



කලක් යුද ගිනි ඇවිලුණු පසුව තාවකාලිකව ඒ ගිනි නිවී ගිය ගාසා තීරය යළි යිද ගිනි බියකින් ඇළලී තිබෙනවා. 

ඒ, ගාසා තීරය තුළ සහ ඒ අවට ප්‍රදේශයට හමුදා රැස් කිරීමට නියෝග කළ බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කිරීමත් සමගයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා තිබුණේ සෙනසුරාදා වන විට හමාස් සංවිධානයේ භාරව සිටින සියලු ප්‍රාණ ඇපකරුවන් මුදාහරින ලෙසයි. 

එහෙත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල්දමන බවට හමාස් සංවිධානය ප්‍රකාශ කිරීමත් සමගයි යළි ගාසා තීරයේ යුද බියක් මතුව ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ප්‍රාණ ඇපකරුවන් 76 දෙනෙකු නිදහස් කළ යුතුව තිබෙනවා. 

මීට පෙර ඇතිකරගත් එකඟතා මත සෙනසුරාදා දිනයේ නිදහස් කිරීමට නියමිතව තිබුණේ තිදෙනෙකු පමණයි. 

හමාස් සංවිධානය පවසන්නේ සටන් විරාම ගිවිසුම ආරක්‍ෂා කිරීමට තමන් කැපවී සිටින බවයි. 

සටන් විරාමය ආරක්‍ෂා කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයද දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටිනවා.