Sunday, February 23, 2025

General line - 0115112241

පුංචි ඡන්ද පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මැතිසබයේදී දැනුම් දෙයි



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. 

එම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව කියා සිටියා. 

ඒ අනුව පනත් කෙටුම්පත සමස්තයක් ලෙස සහ විශේෂයෙන් කියවිය යුතු 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කිරීම අවශ්‍ය වන බව විනිසුරු මඩුල්ලේ බහුතරය සමන්විත වන විනිසුරුවරුන් දෙදෙනකු විසින් තීන්දු කර ඇති බවයි කථානායකවරයා නිවේදනය කළේ.


එමෙන්ම එම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවට විනිසුරු මඩුල්ලේ ඉතිරි විනිසුරුවරයා විසින් තීන්දු කර ඇති බවත් කථානායකවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 
 

ඒ සම්බන්ධයෙන් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ අතර එහිදී කතානායකවරයාද අදහස් දැක්වුවා. 


ඉන් අනතුරුව විදුලි කප්පාදුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කළා. 

එහිදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රතිචාර දැක්වුවා.