Sunday, February 23, 2025

General line - 0115112241

සිලින්ඩරයට ගිය හිටපු මන්ත්‍රීවරයෙකු යළිත් පොහොට්ටුවට



පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කල ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තිබෙනවා. 

ගම්පහ, අත්තනගල්ල රැස්වීමකට සහභාගී වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කළ සෑම ගමකටම නායකයෙක් පත් කිරීමේ වැඩසටහනේ අත්තනගල්ල ආසනයේ රැස්වීම ඊයේ පැවැත් වුණා. 

එම රැස්වීමට හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් මෙන්ම හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක් එක්ව සිටියා.