විදෙස් රටක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන පුෂ්පරාජ් නැමැති පුද්ගලයා සහ සහ ඔහුගේ බිරිඳ මෙරටට රැගෙනවිත් තිබෙනවා.
සැකකරු විදෙස් ගතව සිටියදී එරට පොලිසියේ අත්අඩංගුවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා පොලිසිය විසින් කරන ලද ඉල්ලීම පදිරි මෙරටට පිටුවහල් කර තිබෙනවා.
ඒ අනුව කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් එම සැකකරු සහ ඔහුගේ බිරිඳ අද අළුයම අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු පුෂ්පරාජ් විග්නේෂ්වරම් නැමැති වයස අවුරුදු 30ක් වන ජම්පටා වීදිය, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුගේ බිරිඳ වයස අවුරුදු 25ක් වූ කාන්තාවක් වනවා.
අදාළ සැකකරු, පොලිස් ස්ථාන කිහිපයක් මඟින් විමර්ශනය කරනු ලබන වෙඩි තැබීමට තැත් කිරීම්, ගිනිඅවි ළඟ තබා ගැනීම්, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ගණනාවකට අදාළව අවශ්‍ය කර සිටි සැකකරුවෙකු වන බවයි පොලිසිය පැවසුවේ.
ඊට අමතරව එම සැකකරු මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කිරීමට අදාළව හා ගිනි අවි සන්තකයේ තබා ගැනීම යන වැරදිවලට අදාළව අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකු ද වන බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ බිරිඳ අද දින මීගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.