Sunday, February 23, 2025

General line - 0115112241

හෙට පාර්ලිමේන්තුවට එන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට සහනයක්



අයවැය මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. 

යාපනය, කෝපායි ගුරු විද්‍යාලයේ පුස්තකාලය නවීකරණය කර විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය ඒ බව සඳහන් කළා.

එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ වත්මන් රජය යටතේ ගුරු අධ්‍යාපනය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරන බවයි. 

ගුරු පුහුණු ක්‍රියාවලිය විධිමත් කර ධාරිතාව වැඩි කළ යුතු බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, එම කාර්යයන් මැනවින් ඉටුකර ගැනීම සඳහා අධ්‍යාපන කවුන්සිලයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළා. 

එමගින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වැඩි කිරීමට සහ කළමනාකරණය සිදු කිරීමට හැකිවනු ඇති බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ.