දැනට පවතින ජීවන වියදමට සරිලන වැටුප් වැඩි වීමක් අයවැයෙන් අවශ්‍ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
වර්තමාන රජය විසින් සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දමන බවට පසුගියදා රජය විසින් ප්‍රකාශයන් සිදුකල බවයි උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ.
පසුගිය කාලය පුරාවට ඇති වූ වැටුප් විශමතාව මෙවර අයවැය සමග විසදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පවසනවා.