පාන්පිටි මිල අද සිට අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ, ජීවන වියදම් අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහය දැක්වීම සඳහායි.
ඒ අනුව පාන්පිටි කිලෝවක මිල අද සිට රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම මිල අඩු කිරීම අනුව පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල සංශෝධනය කරන ආකාරය අද ප්‍රකාශයට පත් කරන බව ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවා.
එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩුවන්නේ නම් පාන් ගෙඩියක මිල රුපියල් තුනකින් පමණ අඩුකළ හැකි බවයි.