Sunday, March 23, 2025

General line - 0115112241

ඡන්දය මාර්තු 21න් පසුව කැඳවන්න - සජිත්ගෙන් ඉල්ලීමක්



විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසන් සභාවේ නියෝජිතයින් අතර හමුවක් අද සිදු වුණා.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මාර්තු 21 වනදා පැවැත්වෙන අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසුව මැතිවරණය කැඳවන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ දී ඊයේ සම්මත වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය ලබාදී තිබෙනවා.

ඒ සමඟ එය 2025 අංක 1 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත ලෙස බලාත්මක වු බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව මැතිවරණ කොමිසන් සභාව විසින් නාමයෝජනා කැඳවිමේ දිනය ප්‍රකාශ කළ යුතු අතර එම දිනය අදාළ පනත සම්මත වී මාස 3කට පෙර දිනයක් විය යුතු වනවා.