Sunday, March 23, 2025

General line - 0115112241

එකලස් කළ ජීප් රථයක් පරිහරණය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට



ව්‍යාජ අංක තහඩු යොදා ගනිමින් එකලස් කරන ලද ජීප් රථයක් පරිහරණය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් මත නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් හලාවත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

ඔවුන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් හෙට දිනයේ මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.